කොළඹ වරාය නගරය චීන කොලනියක් කිරීමට යන බව විපක්ෂය ඇතුලු කණ්ඩායම් පසුගිය දින කිහිපයේදී දිගින් දිගටම චෝදනා කළා. මේ සිද්ධිය තව තවත් කතාබහට ලක්වෙන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මේ ගැන කියන්න මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසුවයි.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාද වරාය නගරය සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රටේ නීතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අාකාරයේ කිසිදු ක්‍රියාවක් කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සිදු නොවන බවයි.
කොළඹ වරාය නගර ආර්ථික කමිෂන් පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට කෙටුම්පතක් ලෙස ඇතුළත් වී තිබෙනවා. නමුත් එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එහි මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ, විපක්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසිනුයි එම පෙත්සම් ගොනුකළේ. එමගින් පෙත්සම් කරුවන් පෙන්වා දී ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. ඒ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එම පෙත්සම් ලබන 19 වනදා අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල කළා.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත යටතේ ස්ථාපනය කිරීමට නියමිත කොළඹ වරාය නගර සංවර්ධන කොමිෂන් සභාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/57i7Q4SHTC8″]