fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්ජාබ් කිංග්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය අද රාත්‍රියේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2021 13:07

පන්ජාබ් කිංග්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය අද රාත්‍රියේ

ඉන්දීය ප්‍රීමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තියුණු තරගයක් ඊයේ නිමාවට පත්වුණා. තරගය පැවැත්වුණේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 147 ක් රැස්කළා. දිල්ලි කණ්ඩායමේ නායක රිෂාබ් පන්ට් පන්දු 31කදී ලකුණු 51 ක් රැස්කළේ 4 පහර 9ක් සමඟින්. පන්දු යැවීමේ දී ජයදේව් උනාඩ්කට් ලකුණු 15 කට කඩුළු 3ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 42 ක් තුළ දැවී ගියද ඩේවිඩ් මිලර් ලකුණු 62ක් ලබා ගනිමින් රාජස්ථාන කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කළා. අවසාන පන්දුවාර කිහිපයේ වේගවත් පිති හරඹයක නිරතවූ ක්‍රිස් මොරිස් රාජස්තාන් පිලේ  ජයග්‍රහණය තහවුරු කළේ තරගය නිම වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදීයි. ක්‍රිස් මෝරිස් පන්දු 18කදී ලකුණු 36ක් ලැබුවේ 6 පහර 4ක් සමගිනුයි. තරගාවලියේ පන්ජාබ් කිංග්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2021 13:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්