පේදුරුතුඩුව මාර්ග බාධකයකදී අණ නොතකා පළාගිය කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්රහාරයකින් එහි සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යාපනය පේදුරුතුඩුව ප්රදේශයේ වැලි නිධියක ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධකයක් පවත්වාගෙන යනවා. අද පෙරවරු 7.30 ට පමණ එම වැලි නිධිය පිහිටි ප්රදේශයේ සිට සැකකටයුතු කැබ් රථයක් පැමිණි අතර එය නවත්වන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය ලබාදුන් සංඥා නොතකමින් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා. මාර්ග බාධකයේ ගැටී රථයේ ටයර් වලට හානි සිදුවුවද රියදුරු එය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇත්තේ නිලධාරීන් ද අනතුරට ලක්කිරීමට උත්සාහ දරමින් බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය කැබ් රථයට වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කළා. එහිදී රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා මේ වනවිට පේදුරුතුඩුව රෝහලට ඇතුළත්කර තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 23 හා 26 වයස් කාණ්ඩවල පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.