fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංගලෝර් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2021 13:20

බැංගලෝර් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ නිමාවට පත් වුණා.

රෝයල් චැලේන්ජස් බැංගලෝර් පිල හා සන්රයිසස් හියද්‍රාබාද් පිල අතර පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.බැංගලෝර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ලකුණු 59 ක් ලැබූ ග්ලේන් මැක්ස්වෙල්.

පන්දු 41 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 03 ක් හා හතරේ පහර 05ක් ඇතුළත් වුණා. විරාට් කෝලි ලකුණු 33 යි. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුනු 30 කට කඩුළු 03 ක් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් ක්‍රීඩකයන් පන්දුවා 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කළේ ලකුණු 143 ක් පමණයි.

සන්රයිසස් පිල වෙනුවෙන් නායක ඩේවිඩ් වෝන ලකුණු 54 ක් ලබා ගත්තා. ඒ අනුව බැංගලෝර් ක්‍රීඩකයන් ලකුණු 6 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගත්තා. තරගාවලියේ දිල්ලි කැපිටල් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල් අතර තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2021 13:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්