කටාන රිෆයිනරීස් පුද්ගලික සමාගමට අයත් බාබරා නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා. ඒ ප්‍රතිඅපනයනය කිරීම සඳහා වෙන් කර තිබූ පොල්තෙල් මෙට්ට්‍රික් ටොන් 105ක් නැවත රැගෙන යාම සඳහායි.
මෙරටට ආනයනය කරන ලද පොල්තෙල්වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැක පල කරමින් දිවයින පුරා වෙළෙඳ මධ්‍යස්ථානවල පොල්තෙල් නියැදි පරික්ෂාවට ලක් කිරීම පසුගියදා ආරම්භ වුණේ දංකොටුව ප්‍රදේශයේදී පිරිපහදු නොකළ පොල්තෙල් ලීටර් 55,000 ක් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගැනීමත් සමඟයි. ඒ අනුව ආයතන තුනක් සඳහා පොල්තෙල් සාම්පල පරික්ෂා කිරීම සඳහා යොමු කළ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සාම්පල වාර්තාවන්ට අනුව පොල්තෙල්වල ඇෆලටොක්සීන් අඩංගු බවට තහවුරු වුණා.
මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් නීතිපතිගේ උපදෙස් මත 10 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් මෙම පොල්තෙල් සම්බන්ධයෙන් පරික්ෂණ කිරීම සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් දැනට භාවිතයට ගත නොහැකි ලෙස හඳුනාගෙන තිබෙන විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලු හයක ගබඩා කර තිබෙන පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් නැවත අපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද කටයුතු කළා. ඒ අද පෙරවරුවේ කටාන රෙෆයිනරීන් පුද්ගලික සමාගමට අයත් බාබරා නැමැති නෞකාව කොළඹ වරායට සේන්දුවීමෙන් අනතුරුවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/ED6nslrOVTQ”]