මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වුණා.
දීර්ඝ කාලයක් අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ ධුරය දරමින් රෝගීන්ගේ සුබ සෙත වෙනුවෙන් ඒ මහතා විශාල කැප කිරීමක් සිදු කළා. මිය යන විට වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසු වූයේ 57 හැවිරිදි වියේයි. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.