fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැරොලයින් සහ චූලා ඇප මත නිදහස්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 17:18

කැරොලයින් සහ චූලා ඇප මත නිදහස්

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය මගින් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කෙරුණා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වුණේ පසුගියදායි. එහිදි පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජින ලෙස කිරුළු දැරුවා. එසැණින් ඇයගේ කිරුළ උදුරාගෙන දෙවන ස්ථානයට පත්වූ තරගකාරියට එය පැළදවූවා. කිරුළ උදුරාගැනීමට කටයුතු කළේ පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර යන අයයි. ඒ පුෂ්පිකා ද සිල්වා විවාහක සැමියාගෙන් වෙන්ව සිටින බව පවසමින්. මෙම අවස්ථාවේදී වේදිකාව මත ඇති වූයේ ගැටුම්කාරී තත්ත්වයක්. කෙසේවෙතත් පුෂ්පිකා පැවසුවේ තමන් සැමියාගෙන් වෙන්ව දරුවා සමග ජීවත් වුවද දික්කසාද වී නොමැති බවයි.

මේ අනුව මෙරට තරග සංවිධායකයින් පසුව පැවැත්වූ උත්සවයකදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට යළි කිරුළ ලබා දීමට කටයුතු කළා. මේ අතරතුරයි අද දිනයේදී කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්