fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ සිට නවසීලන්තයට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 15:53

ඉන්දියාවේ සිට නවසීලන්තයට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක්

ඉන්දියාවේ සිට නවසීලන්තයට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් පැනවීමට කටයුතු කළ බව නවසීලන්ත රජය පවසනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා. නවසීලන්ත දේශ සීමාව ආසන්නයේදී නව කොරෝනා වෛරස් අසාධිතයින් 23 දෙනෙකු හදුනාගැනීම මෙම තීරණයට හේතුවූ බවයි ඇය පවසන්නේ.

නව ආසාධිතයින් 23 දෙනා අතර ඉන්දියානුවන් 17 දෙනෙකු සිටින බව හදුනාගෙන තිබෙනවා. නවසීලන්තය දෙවන කොරෝනා රැල්ල පාලනය කිරිමෙන් අනතුරුව දින 40 කට පසු නැවතත් නව ආසාධිතයින් වාර්තා වූ අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්