fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 වසරේ ෆේස්බුක් භාවිත කළ පුද්ගලයන්ගේ දත්ත සොරා ගෙන ඇති බව හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 16:05

2019 වසරේ ෆේස්බුක් භාවිත කළ පුද්ගලයන්ගේ දත්ත සොරා ගෙන ඇති බව හෙළි වෙයි

2019 වසරේ දී ෆේස්බුක් වෙබ් අඩවිය භාවිත කළ පුද්ගලයන්ගෙන් හරි අඩකට වැඩි පිරිසකගේ දත්ත සොරා ගැනීමට ලක්ව ඇති බව හෙළිවී තිබෙනවා.

මෙම දත්ත සොරා ගැනීම තුළදී දුරකතන අංක, ඊමේල් ලිපින, උපන්දිනයන් ආදිය ද වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මෙම දත්ත සොරා ගැනීම සිදුකර ඇත්තේ මිතුරන් සොයා ගැනීම සදහා ෆේස්බුක් වෙබ් අඩවිය අලුතින් හදුන්වාදුන් මෙවලමක් ඔස්සේයි. කෙසේ වෙතත් මුරපද සහ මූල්‍ය දත්ත සොරා ගැනීමට දත්ත සොරුන්ට හැකිවී නැති බවයි ෆේස්බුක් සමාගම පැවසුවේ. තමන්ගේ පෞද්ගලික තොරතුරු සකස් කිරීමේ දී වඩා අවධානයෙන් කටයුතු කිරීමට භාවිත කරුවන් යොමු විය යුතු බව ද ෆේස්බුක් සමාගම සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්