ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය හා මෙරට ධීවරයින් ඉන්දීය සාගරය හරහා අරාබි මුහුදු සීමාවට ඇතුළුවීමේදී ඉන්දීය වෙරළආරක්ෂක භටයින්ගේ පහරදීමට ලක්වීම නිරත්තරව සිදු වන බව ධීවරයින් පෙන්වා දෙනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් මේ බව පෙන්වා දුන්නා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නද මහතා මෙහිදී කියා සිටියේ ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණශීලී ක්‍රියා පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවට 04 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. මෙවැනි ආක්රමණවලට ඉඩ දුනහොත් ශ්‍රී ලංකා මුහුදේ ධීවර සම්පත් වසර තුන හතරකින් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවද අමාත්‍යවරයා පැවසුවා. ඉදිරියේදී ඊට ස්ථිර විසදුම් ලබා දෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.