fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 10:14

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙනවා. ඊයේ දිනයේද එවැනි වැටලීම් රැසක් සිදු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

ඊයෙ මත්ද්‍රව්‍ය වැටලීම් 03 ක්ම සිදු කර ඇත්තේ මෝදර  ප්‍රදේශය ආශ්‍රිතවයි. හෙරොයින් ග්‍රෑම් 150 මිලිග්‍රෑම් 200 ක් සමඟ එක් සැකකරුවකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේ  සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයයි. මෝදර රොක් හවුස් පටුමගේදී ද තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 5යි  මිලිග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.කොළඹ උතුර කොට්ඨාස විමර්ශන අංශයයි වැටලීම සිදු කළේ. එම ප්‍ර දේශයේදීම තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 400 ක් සමඟ අත්අඩංගුවටඩ ගැනුණා.

ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදීද  මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. එහිදී හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100ක් සමඟ එම  ප්‍රදේශයේම පදිංචි පුද්ගයෙකු අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරු ද අද දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි බොරැල්ල පොලීසිය පවසන්නේ.

මේ අතර බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 500 ක් සමඟින්. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ද අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්