ඉන්දියාවේ ප්‍රාන්ත 4ක ඡන්දය ඇරඹෙයි
Related Articles
ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක මැතිවරණය අද පැවැත්වුණා.
මැතිවරණය අතරතුරදී ඡන්ද දායකයන්ට මුදල් නෝට්ටු දිගු කරමින් අල්ලස් ලබාදී ඔවුන්ගෙන් ඡන්දය ලබා ගැනීමට ගත් උත්සාහයන් පිළිබදව ද බොහෝ ස්ථානවලින් වාර්තා වුණා.
තමිල්නාඩු ප්‍රාන්ත පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් 234 දෙනෙකු තෝරාගැනීම වෙනුවෙනුයි ප්‍රාන්ත ඡන්ද විමසීම පැවැත්වුණේ. ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ මැයි මස දෙවනදායි. පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන පවා උල්ලංඝනය කරමින් අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන ආකාරයද පසුගිය දිනවලදී දැක ගැනීමට ලැබුණා.
පාලක ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂය, ප්‍රධාන අමාත්‍ය කේ පලනි ස්වාමිගේ නායකත්වයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. එම පක්ෂය මෙවරත් ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතාවක් පවතින බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.
ඩී එම් කේ පක්ෂය හා ඒ එම් එම් කේ යන පක්ෂයද මෙවර ශක්තිමත් ස්ථානයක සිටිනවා. ඒ අයි ඒ ඩි එෆ් ජේ පක්ෂය ජය ලලිතා මහත්මිය ආරම්භ කළ අතර ඇයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවයි වර්තමාන ප්‍රධාන අමාත්‍ය කේ පලනි ස්වාමි සදහන් කළේ. දීර්ඝකලක් කරුනානිදි පාලනය කළ ඩී එම් කේ පක්ෂය මෙවර එම් කේ ස්ටාර්ලින් යටතේ තරග වැදුනා.
මෙවර ඡන්ද විමසුමට තමිල්නාඩුවෙන් අපේක්ෂකයන් 3998 දෙනෙකු ඉදිරිපත් වූ අතර කෝටි හයකට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. එම් එන් එම් දේශපාලන පක්ෂය කමල් හසන්ගේ නායකත්වය යටතේ මුල්ම වරට මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණා.
මේ අතර කොරෝනා වෛරසය නැවත වරක් හිස එසවීමත් සමගම අද සිට දිල්ලි නගරයට රාත්‍රී කාලයේදී ඇදිරිනීතිය ක්‍රියාත්මක බව එරට මාධ්‍ය සදහන් කරනවා.