fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN පුංචි අපේ අවුරුදු 2021 අලුත් අවුරුදු උත්සවය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2021 12:10

ITN පුංචි අපේ අවුරුදු 2021 අලුත් අවුරුදු උත්සවය ඇරඹෙයි

ස්වාධීන රූපවාහිනිය සංවිධාන කළ පුංචි අපේ අවුරුදු 2021, අලුත් අවුරුදු උත්සවය වික්‍රමසිංහපුර ශ්‍රී චිත්තවිවේකාශ්‍රමයේ දී සහ ස්වාධීන රූපවාහිනී එච් ඩී මැදිරි සංකීර්ණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි මෙය ක්‍රියාත්මක වන්නේ.

හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් පුංචි අපේ අවුරුදු උත්සවය පැවැත්වෙනවා. අලුත් අවුරුදු උත්සවය ආරම්භ කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන් මෙන්ම අනුග්‍රාහක ආයතනවල නියෝජිතයින්ගේ ද සහභාගීත්වය ඇතුවයි. අලුත් අවුරුදු ක්‍රීඩා අංග රැසක් ද මෙයට එක්කර තිබෙනවා. තෝරාගත් දරුවන් 30 දෙනෙකු පමණක් අලුත් අවුරුදු උත්සවයට එක්කර තිබෙන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුවයි. ඔන්ලයින් ක්‍රමයට මෙම දරුවන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි තෝරාගෙන තිබෙනවා. සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීම අදියර දෙකක් යටතේ සිදුවනවා. වයස අවුරුදු 8,12 අතර සහ අවුරුදු අටෙන් පහළ යන වයස් කාණ්ඩ දෙක යටතේයි මෙය සිදුකෙරෙන්නේ. සමපෝෂ, ටියාරා සහ රිට්ස්බරි යන අනුග්‍රාහකයින් පුංචි අපේ අවුරුදු උත්සවයට සිය අනුග්‍රාහකත්වය ලබාදෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2021 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්