එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සැළසුම් කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණයි.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ආර්ථික ප්‍රවර්ධන කලාප තුළ සේවය කරන පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.
මේ අතර, එළඹෙන අලුත් අවුරුදු සමයේ අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කළේ සීමාවන්ට යටත්ව මෙවර අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාවට අවස්ථාව උදාවන බවයි.