රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළ සිද්ධියේදී පොලීසිය හරි හැටි ක්රියා නොකළ බව පවසමින් ත්රිකුණාමලය සර්ධාපුර ප්රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වුණා.
රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය සාධාරණ පරික්ෂණයක් සිදු කළේ නැති බවට චෝදනා කරමින් මිය ගිය අයගේ දේහය සමගින් ප්රදේශවාසීන් පිරිසක් ත්රිකුණාමලය මහනුවර ප්රධාන මාර්ගයට පැමිණ විරෝධතාවක නිරත වුණා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වුණා.
සිද්ධිය සමතයකට පත් කරන්න පාර්ලිමේන්තු මන්ත්රී කපිල නුවන් අතුකෝරළ මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ යන මහත්වරුන් උත්සාහ කළ ද එය අසාර්ථක වුණා.
පැය කිහිපයකට පසුව විරෝධතාව අවසන් කෙරුණා.