හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් සහ අවි ආයුධ සමගින් ඉන්දීය මුහුදු තීරයේදී ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3,000කට ආසන්න බවයි එරට බලධාරීන් පවසන්නේ.
කේරළයේ, විසින්ජම් මුහුදු තීරයේදී පසුගිය 25 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් සහ එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගුවනින් සහ මුහුදේ ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.මෙහිදී ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 03 ක් සිය භාරයට ගෙන තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එහිදී ‘‘රවිහංසි‘‘ නම් යාත්‍රාවේ සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 300යි ග්‍රෑම් 323ක්, AK 47 වර්ගයේ ගිනි අවි 05ක් සහ මිලිමිටර් 09 ජිව පතුරොම් 1,000ක් ඉන්දීය වෙරළාරක්ෂක බලධාරීන් සොයාගෙන තිබෙනවා.
හෙරොයින් තොගය අදාළ ධීවර යාත්‍රාවේ ජල ටැංකිය තුළ පැකට් 310 කට අසුරා තිබියදී සොයාගෙන ඇති බව වාර්තාවන්නේ. එමෙන්ම යාත්‍රාවේ තිබියදී ව්‍යාජ ලිපි ලේඛණ තොගයක්ද සොයාගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම හෙරොයින් පැකට් ඇසුරුම් මත පියාඹන අශ්වයකුගේ සලකුණු තබා තිබුණු බවයි . මත්ද්‍රව්‍ය සඟවා තිබු ‘‘රවිහංසි‘‘ නම් ධීවර යාත්‍රාවේ සිටි L.Y නන්දන, H.K.G.B දාස්ප්රිය, A.H.S ගුණසේකර, S.A සෙනරත්, T.රණසිංහ, D.නිශ්ශංක යන ශ්‍රී ලාංකිකයින් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම හෙරොයින් තොගය ඉරානයේ සිට වෙනත් යාත්‍රාවකින් රැගෙනවිත් ශ්‍රී ලාංකික ධිවර යාත්‍රාව වෙත ලක්ෂද්වීප මුහුදු තීරයේදී ලබාදී ඇති බවට ඉන්දීය බලධාරින් සැක පළකරනවා.