අනතුරට ලක්වූ ශ්රී විජය ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
පසුගිය ජනවාරි මස 9 වනදා ජාවා මුහුදේදී මෙම ගුවන් යානය අනතුරට ලක්වුණා. එහිදී පුද්ගලයන් හැට දෙදෙනෙකුට ජීවිත අහිමි වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී සිදුවූ සංවාද ඇතුළත් රෙකෝඩරයද කළු පෙට්ටිය සමඟ සොයා ගැනීමට හැකිවී තිබෙනවා. එහි තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දුනීසියා බලධාරීන් මෙතෙක් කරුණු අනාවරණය කර නැහැ. අනතුර සිදුවීමෙන් පසුව දීර්ඝ කාලයක් කළු පෙට්ටිය සෙවීම සඳහා මෙහෙයුම් සිදු කළද එය සොයා ගැනීමට නොහැකි වුණා.