තැපැල් වෘත්තීය සමිති කිහිපයක් අරඹා ඇති වැඩ වර්ජනය අසාධාරණ බව තැපැල්පතිවරයා පවසනවා.
ඔවුන්ගේ ඉල්ලීම් හයෙන් පහක්ම මේ වනවිට ලබාදී අවසන්. ඉතිරි ගැටලුවද සාකච්ඡාවෙන් විසදා ගැනීමට හැකිව තිබියදී වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පෙන්වා දෙන්නේ.
නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුලු ඉල්ලීම් හයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කීරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. තැපැල් වෘත්තිය සමිති 34 කින් වෘත්තිය සමිති හයක් පමණක් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව තිබෙනවා. පසුගිය 26 වනදා විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ ඉල්ලීම් හයෙන් පහකටම විසදුම් ලබාදී ඇති පසුබිමක ක්‍රියාත්මක කර ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් කාර්යාලවල එදිනෙදා රාජකාරි සදහා බාධා එල්ල වී ඇතත් උප තැපැල් කාර්යාල විවෘතව පවතිනවා.
තැපැල්පතිවරයා පැවසුවේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ සියයට අනූවක පමණ පිරිසක් අද සේවයට වාර්තා කර ඇති බවයි.
එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමර්ගය හේතුවෙන් අඩපණ වූ තැපැල් සේවය අනිද්දා දිනයේ සිට සාමාන්‍ය තත්ත්වයට පත් විය හැකි බවයි තැපැල්පතිවරයා පවසන්නේ.