ජපානයේ චෙරි මල් පිපෙන සෘතුව ඇරඹෙයි
Related Articles
ජපානයේ චෙරි මල් පිපෙන සෘතුව ආරම්භ වී තිබෙනවා.
චෙරි මල් පිපීමත් සමඟ ජපන් ජාතිකයන් උත්සව පැවැත්වීමට ද අමතක කරන්නේ නැහැ. මෙම සාම්ප්‍රදාය වසර 1200ක් තරම් ඈතට දිව යන බවයි විද්වතුන් පවසන්නේ. මේ වසරේදී ඉතා මනරම් ලෙස චෙරි මල් පිපී තිබෙන ආකාරය දැකගැනීමට ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. විශේෂයෙන් කියතෝ නගරයේ මෙම තත්ත්වය දැක ගැනීමට ලැබුණා. ජපානයේ පවුල් අතර සහ මිතුරන් අතර හමුවීම් සහ ප්රීතිසාද පැවැත්වීමද චෙරි මල් පිපෙන සමයේදී සිදු කෙරෙනවා. බොහෝ සමාජ මාධ්‍යවලද මෙම උත්සව පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණා.