ඊයේ දිනයේදී ලොව පුරා රටවල් 219 කින් කොරෝනා වයිරස ආසාදිතයින් හාර ලක්ෂ හතලිස් තුන්දහස් පන්සිය අනූ අට දෙනෙකු හමුවී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1969 ක්.
කොරෝනා වයිරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් තුන ලෙස ඇමරිකාව බ්‍රසීලය හා ඉන්දියාව දැක්විය හැකියි. එම රටවල් තුනෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව පිළිවෙළින් තුන් කෝටි දස ලක්ෂය, එක් කෝටි විසිපන් ලක්ෂය හා එක් කෝටි විසි ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ සමගම රටවල් 219 න් මේ වනතෙක් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව දොලොස් කෝටි අසූ දෙලක්ෂ තිස් නව දහස් එකසිය හතලිස් නවය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව විසි අට ලක්ෂ හාරදහස් තුන්සිය හතලිස් හයක්.