සෑම ප්රදේශයක්ම දැවැන්ත සංවර්ධනයකට යොමු කිරීමට ජය පියවර ගෙන තිබෙනවා. එහි තවත් අදියරක් ලෙස අවිස්සාවේල්ල, හංවැල්ල හා පාදුක්ක යන ප්‍රදේශවල සංවර්ධනය කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නා.
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, හංවැල්ල හා පාදුක්ක නගර සංවර්ධනයට අදාළ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මහතා හා රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වුණා.
හංවැල්ල හා පාදුක්ක නගර සංවර්ධනය, සීතාවකපුර සංවර්ධනය, හංවැල්ල පාදුක්ක ඉලුක්ඕවිට තුම්මෝදර අංගම්පිටිය සංවර්ධනය සහ පාදුක්ක බහුවිධ සේවා මධ්‍යස්ථානය යන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. මීගොඩ හා කොස්ගම නගර ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිතයි. පාදුක්ක සදහා නව සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.