අනුර ජයසේකර අභියෝගතා කුසලාන සත් සාමාජික පාපන්දු තරඟාවලිය ජනක රණවක ක්‍රීඩාංගණයේදී
Related Articles
අනුර ජයසේකර අභියෝගතා කුසලාන සත් සාමාජික වයස අවුරුදු හතළිහෙන් ඉහළ පාපන්දු තරගාවලිය ජනක රණවක ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
පිලිමලුන් පිටුදැකීමේ ක්‍රමය යටතේ තරගාවලිය පැවති අතර ප්‍රවීණ පාපන්දු ක්‍රීඩකයන් රැසක් ඊට සහභාගී වුණා. පාපන්දු කණ්ඩායම් 11 ක් තරග වැදුනු අතර තරගාවලිය ජය ගත්තේ බත්තරමුල්ල සුපර් ස්ටාර් ක්‍රීඩා සමාජයයි. මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, කෝට්ටේ නගරාධිපති ශාන්ත ප්‍රේමලාල්, ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ යන මහත්වරුන්ද එක් වුණා.