fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැණිකේ සිහිනය බොඳවෙයි – පතලේ හිරවුණු දෙදෙනෙක් මරුට

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2021 12:30

මැණිකේ සිහිනය බොඳවෙයි – පතලේ හිරවුණු දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල වෙරලුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්වුණා.

අධික වර්ෂාවත් සමග මැණික් පතල තුළ විදුලිය විසන්ධි වී තිබෙනවා. ඒත් සමගම මෙම දෙදෙනා අනතුරට ලක් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. මිය ගිය දෙදෙනා 44 වන හා 45 වන වියේ පසුවනවා. මිය ගිය දෙදෙනාගේ සිරුරු අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගියා. අදාළ පතල සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2021 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්