ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගයේ ජය සදරුවන්ට හා කල්හාරිට
Related Articles
ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගවල ජය හිමි කර ගන්න සදරුවන් දනුකර සහ කල්හාරි මධිරිකා සමත් වුණා. තරග පැවැත්වුණේ කතරගමදීයි.
46 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග කතරගමදී පැවැත්වුණා. තරග ආරම්භ කෙරුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කිලෝ මීටර් විස්සේ පිරිමි හා කාන්තා තරග සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසූ දෙනෙකු එක්ව සිටියා. පිරිමි තරගයේ ජය උතුරු මැද පළාත නියෝජනය කළ සදරුවන් දනුකර දිනාගත් අතර අනුශූරතාව හිමි වූයේ ඌව පළාත නියෝජනය කළ ආර් එම් ඩී රුක්මාල්ටයි.
ඇවිදීමේ තරගාවලියේ කාන්තා ශූරතාව බස්නාහිර පළාතේ කල්හාරි මධුරිකා දිනාගත් අතර අනුශූරතාවට හිමිකම්කීවේ උතුරු මැද පළාත නියෝජනය කළ මිහිරි සදමාලි ජයරත්න ක්‍රීඩිකාවයි.