ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 165 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
සොහාග් පළාතේ දුම්රිය මාර්ගයක මඟී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරියෙන් ගමන් කළ දුම්රියේ සිටි අයෙකු හදිසි තිරිංග කි්රයාත්මක කිරීම හේතුවෙන් පසුපසින් පැමිණි දුම්රිය එහි ගැටී තිබෙනවා.
අනතුරට සම්බන්ධ පුද්ගලයින්ට දැඩි කි්රයාමාර්ග ගන්නා බවයි ජනාධිපති අබ්දුල් ෆටා අල්සිසි සඳහන් කළේ.