fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

25 වන සුමති සම්මාන උළෙලේදී රූපවාහිනී මහගෙදරට සම්මාන රැසක්

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2021 09:28

25 වන සුමති සම්මාන උළෙලේදී රූපවාහිනී මහගෙදරට සම්මාන රැසක්

ස්වාධීන රූපවාහිනී මහ ගෙදර විශිෂ්ටත්වය යළි යළිත් පිළිබිඹු කරමින් 25 වන සුමති සම්මාන උළෙලේදී මව්බිමේ නාලිකාව සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ගයාන් බුද්ධික ඇල්ලේගොඩ නිෂ්පාදනය කළ හඩාවැටුණු 21 වැඩසටහන සදහා හොදම කාලීන වැඩසටහනට හිමි සම්මානය පිරිනැමුණා. ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ දුෂාන්ත දර්ශන රණසිංහ නිශ්පාදනය කළ හිතකර මීමැස්සෝ පුවත් විශේෂාංගයයි හොදම පුවත් වාර්තාකරණයට හිමි දෙවන ස්ථානය හිමි කර ගත්තේ. හොදම ප්‍රවෘත්ති නිවේදක දෙවන ස්ථානය දිනූෂි ධීරසිංහ හිමි කර ගත්තා. ජනජීව  වේහැල්ල නිශ්පාදනය කළ අකෝස්ටිකා අන්ලිමිටඩ් වැඩසටහන වසරේ හොදම සංගීත වැඩසටහන බවට පත්වුණා.

වසරේ ජනප්‍රිය ටෙලි නාට්‍යය ලෙස  ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන තාදි ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍ර වුණා. හොදම සහය නලුවාට හිමි සම්මානය හිමිවුනේ ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වූ හුස්ම වැටෙන මල් ටෙලිනාට්‍යයේ රගපෑ සරත් කරුණාරත්නටයි. හොදම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් එම නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ තුසිත අනුරාධට සම්මානය හිමිවුණා. හොදම සංස්කරනයට හිමිවන සම්මානය හිමිවූයේ අවසන් හුස්ම තෙක් නාට්‍යයේ සංස්කරණ ශිල්පී අනූෂ සංජීව ජයවර්ධනටයි. හොදම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය එම නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂ ලහිරු මාඩිවිලට හිමිවුණා.

2020 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ හොදම නිළිය බවට සමනලී ෆොන්සේකා සම්මාන හිමි කර ගනිද්දි හොදම ටෙලි නාට්‍ය නලුවා බවට පත්වුනේ රොෂාන් රවීන්ද්‍ර යි. ජනප්‍රියම නලුවා ලෙසින් සජිත අනුත්තර ඇන්තනී සම්මාන හිමි කර ගත්තා. ජනප්‍රියම නිළිය බවට පත්වුණේ සෙනාලි ෆොන්සේකායි.

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සුසුමක ඉම ටෙලිනාට්‍යයේ මාලිකා චරිතය නිරූපනය කළ ධනංජි තාරුකාට සහ හුස්ම වැටෙන මල් නාට්‍යයේ වොල්ගා කල්පනීට කුසලතා සම්මාන පිරිනැමුනා. මෙවර සුමති සම්මාන උලෙළ සදහා හොදම කාලීන වැඩසටහනේ නිර්දේශ නාම අතරට දුෂාන්ත දර්ශන හා වරුණ ලක්මාල් නිෂ්පාදනය කළ විල්පත්තුවාදය වැඩසටහන ද, චන්දිමා ප්‍රේමරත්න නිෂ්පාදනය කළ ආර්ට් ෆෝ යූ හොදම සගරාමය වැඩසටහන ද එක්ව තිබුණා. හොදම පූරක නිර්දේශ නාම අතරට ස්වාධීන රූපවාහිනියේ ඉන්ද්‍රසිරි සුරවීර ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

සුමති සම්මාන උළෙලේදී විශේෂ ඇගයීම් සම්මානයක් රසික සුරවීරආරච්චිට හිමිවුණා. නිවැරදි මෙන්ම ගුණාත්මක දේ ප්‍රේක්ෂක ජනතාව වෙත ලබාදෙමින් ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යයේ පෙර ගමන්කරු ලෙස කටයුතු කළේ සෙසු මාධ්‍යයට ද ආදර්ශයක් ලබාදෙමින්.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2021 09:28

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්