fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආසාදිතයින් ඉහළ යාම ගැන සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2021 18:04

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආසාදිතයින් ඉහළ යාම ගැන සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් පත් කර තිබෙනවා.

සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 474 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තාවීම සොයා බැලීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත , ලංකා කණිජතෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ බුද්ධික මඩිහේවා , බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න , ඛනිජ තෙල් තොග තබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරී රෝෂිණී රුසිරිවර්ධන යන මහත්ම මහත්මීන්. වසර 03 කට වරක් සිදු කෙරෙන පිරිපහදුවෙ නඩත්තු කටයුතු මේ දිනවල සිදු වන බැවින් වැඩි සේවක සංඛ්‍යාවක් දෛනික රාජකාරී කටයුතුවල නිරතව සිටිනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2021 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්