පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන විශාලම උල්කාව
Related Articles
පෘථිවිය ආසන්නයෙන් මෙම වසරේ ගමන් කරන විශාලම උල්කාව අද දිනයේත් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා.
මෙම උල්කාවෙන් පෘථිවියට කිසිදු බලපෑමක් නැති බව විද්‍යාඥයන් සදහන් කරනවා. ඒ හේතුවෙන් ජනතාව බියවිය යුතු නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නාසා ආයතනය මෙම උල්කාව නම්කර තිබෙන්නේ ටූ තවුසන්ඩ් වන් එෆ් ඕ තර්ටි ටූ ලෙසයි. පැයට කිලෝමීටර එක්ලක්ෂ විසිදහසක වේගයෙන් මෙය පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව සදහන්. මෙම උල්කාව මේ වන විට පෘථිවියට කිලෝමීටර මිලියන 2 ක් දුරින් පිහිටා තිබෙනවා.