fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝවිඩ් වයිරසයේ මූලාරම්භය පිළිබද අවසන් වාර්තාව ලබන සතියේ

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2021 15:48

කෝවිඩ් වයිරසයේ මූලාරම්භය පිළිබද අවසන් වාර්තාව ලබන සතියේ

කෝවිඩ් නයින්ටීන් වයිරසයේ මූලාරම්භය පිළිබද වාර්තාව ලබන සතියේ නිකුත් කරන බව ලෝක  සෞඛ්‍ය සංවිධානය ඊයේ නිවේදනය කළා.

කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වූයේයැයි ඇමරිකාව කළ චෝදනා පදනම් කර ගනිමින් ඒ පිළිබද පරීක්ෂණයක් ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. ඒ අනුව සෞඛ්‍ය විශේෂඥයන් ඇතුලු විද්වත් කණ්ඩායමක් චීනයේ වූහාන් නගරයේ මසක කාලයක් රැදී සිටිමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එම පරීක්ෂණ සදහා චීනයේද පූර්ණ සහය ලැබුණු බවයි පර්යේෂණ කණ්ඩායම සදහන් කළේ. පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2021 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්