fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුවේ පරීක්ෂාව සාර්ථකයි

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2021 15:06

ලොව මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුවේ පරීක්ෂාව සාර්ථකයි

ලොව මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුව ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ සාර්ථකව අත්හදා බැලුවා.

ස්පේස් ලෝන්ච් සිස්ටම් හෙවත් අභ්‍යවකාශ විහිදුම් පද්ධතිය මෙලෙස අත්හදා බලනු ලැබුවේ පසුගිය ජනවාරි මස එවැනි උත්සාහයක් අත්හිටුවීමෙන් අනතුරුවයි. මෙය 2017 වසරේ ට්‍රම්ප් පරිපාලනය ආරම්භ කළ නාසා ආයතනයේ ව්‍යාපෘතියක කොටසක් ලෙසයි සැලකෙන්නේ. මිනිසුන් නැවතත් සදමතට යැවීමේ අරමුණෙන් අත්හදා බැලීම සිදුකර තිබෙනවා.

60 දශකයේදි ඇපලෝ ගගනගාමී අභ්‍යවකාශය වෙත රැගෙන යාමට යොදා ගැනුනේ සැටර්න් ෆයිව් රොකට්ටුවයි. ඊයේ අභ්‍යවකාශය වෙත යොමුකළ රොකට්ටුව සදහා ඉන්ධන ලීටර් විසිහය ලක්ෂයක් යොදා ගෙන තිබෙනවා. එම රොකට් ඉන්ධන ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන්වලින් සමන්විත වනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2021 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්