පළාත් කිහිපයක පස්වරුවේ හෝ රාති‍්‍ර කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දකුණු පළාතේත් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක.
තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සදහන් කළේ.