fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමේ සභාපති හමු වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2021 19:31

සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමේ සභාපති හමු වෙයි

සමගි ජන බලවේගය අද මැතිවරන කොමිසමේ සභාපතිවරයා මුණ ගැහිල තියෙනවා. එහිදී ඔවුන් සභාපතිවරයගෙන් ඉල්ලීමක් කරල තියෙන්නේ පැරණි මැතිවරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්න කියලයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා හමුවුණා. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය දුන් වාරියපොළ ආසනයේ පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයට එක්වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2021 19:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්