fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2021 19:37

සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

සීනි බද්ද අඩු කිරීමේදී රජයට රුපියල් බිලියන 15 කට වැඩි පාඩුවක් සිද්ධ වුණා කියන පැමිණිල්ලට මේ වෙනකොට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ ගැන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ සීනි බදු අඩු කිරීම නිසා වංචාවක් සිදු වුණා කියන ප්‍රකාශ‍ෙ වංචා සහගත එකක් කියලයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අදාළව එම කොමිසම හා විගණකාධිපති දෙපාර්තමේන්තුව එක්ව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා. අදාළ විමර්ශන වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිලදී ගත් මුදලට වඩා අඩුවෙන් සතොස මගින් සීනි අලෙවි කිරීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පල වුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2021 19:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්