දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3108 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා. පොලිස් නිලධාරීන් 16524 දෙනෙකු යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කෙරුණා.
අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 1112 ක් සිටි බව පොලීසිය සඳහන් කළා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 464 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් 523 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. බීමත් රියදුරන් 454 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 538 ක්. රට තුළ සිදු වන අපරාධ වැලැක්වීමේ අරමුණින් මෙම මෙහෙයුම් සිදු කළ බවයි පොලීසිය පැවසුවේ.