46 වන ජගත් මානව හිමිකම් සැසිවාරයේ දී අප රටට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත යෝජනාව මේ වනතෙක් සාකච්ඡාවට ගෙන නොමැති බව වාර්තා වෙනවා.
ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූයේ පසුගිය 22 වනදායි. කැනඩාව , එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් ශ්‍රීලංකාවට එරෙහිව යෝජනාවක් මානව හිමිකම් කවුන්සියලයට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට එරෙහිව අනෙක් රටවල සහයෝගය ලබාගැනීමට යෝජනාවේ සම අනුග්‍රාහකත්වය දරන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි ප්රයත්නයක නිරත වනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාව පසුගියදා සංවාදයට ගැනුණු අතර එහිදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහාය පළකළා. ශ්‍රීලංකාව පිළිබඳ යෝජනාවේ සම අනුග්‍රාහකයින්ට තවමත් සිය යෝජනාවට බහුතර කැමැත්ත ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.මේ අතර එක්සත් ආරිබි එමීර් රාජ්‍යයේ වෙසෙන සමාජ ක්‍රියාකාරිනියක වන ප්‍රියදර්ශනී විතානආරච්චි මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ මානවහිමිකම් කවුන්සිලය අමතනු ලැබුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1cQhDC89ZGs”]