සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී මිය ගොස් තිබෙනවා.
කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා හෘද රෝගයකින් මියගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබා ඇති මොහු මීට වසර හතරකට පමණ පෙර හොර රහසේ මෙරටින් පැනගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා. කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා කළක් රෝගාතුරව සිට ඇති අතර නිවෙසේ සිටිය දී මෙලෙස හදිසි හෘද රෝගයකින් මියගොස් ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ඔහුගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීමක් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.