ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ඇතුළු ප්‍රාන්ත කිහිපයක දැඩි හිමපතනයක් ඇතිවෙමින් තිබෙනවා.
ඇතැම් ස්ථානවල හිම පතනය අඩි දෙක ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.හිම සමග දැඩි සුළං ද ඇති වීම නිසා ජනජීවිතයට අයහපත් බලපෑම් ඇති වී තිබෙන බවයි ඇමෙරිකා මාධ්‍ය සදහන් කළේ. පැයට කිලෝමීටර් 105 ක අධික වේගයකින් හමා යන සුළං නිසා ඇතැම් ස්ථානවල දේපල හානිද සිදුව තිබෙනවා. කොලරාඩෝ ප්‍රාන්තයේ ජනතාව සදහා අවදානම් ඇගවීම් ද නිකුත් කර ඇති බව සදහන්.ඩෙන්වර් අන්තර්ජාතික ගුවන් තොටුපලලේ ගුවන් ගමන්වාර 1979 ක් අවලංගු කිරීමට ද බලධාරීන් කටයුතු කළා.