fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැබිණි මාතාවන් වෙනුවෙන් සංගීතමය චිකිත්සක වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2021 12:18

ගැබිණි මාතාවන් වෙනුවෙන් සංගීතමය චිකිත්සක වැඩසටහනක්

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය කර්මන්ත ප්‍රවර්ධනය කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ යටතේ මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේ බතික් ගම්මානයක් සදහා මුල්ගල් තැබීම අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. බතික් ගම්මානය සදහා මුල්ගල් තැබීමෙන් පසු ප්‍ර දේශයේ පවුල් හාරසිය අසූවක් සදහා ස්වයං රැකියා උපකරණද ප්‍රදානය කෙරුණා. පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.

කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ ව්‍යාපාර අහිමි වූ කාන්තා ව්‍යවසායකයින් නගා සිටුවීමේ කළුතර දිස්ත්‍රික් වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වුණා. කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර, කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා.

මේ අතර කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සංකල්පයකට අනුව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගැබිණි මාතාවන් වෙනුවෙන් සංගීතමය චිකිත්සක වැඩසටහනක් කළුතර අශෝකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණු අතර අමාත්‍ය සරත් වීරසේකර සහ පියල් නිශාන්ත, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන රාජ්‍ය අමාත්‍යවරුන් ද ඊට එක්ව සිටියා. පළමු පාසල මව් කුසයි යන තේමාවෙන් පැවති වැඩසටහනේදී ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණද පිරි නැමුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2021 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්