බස්නාහිර පළාතේ පාසල්වල 5 / 11 හා 13 ශ්‍රේණිවල පංති හෙට සිට ආරම්භ වනවා. බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ලබන මස 19 වන දින සිටයි.
බස්නාහිර හැර දිවයින පුරා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර පසුගිය මස 25 වනදා අවසන් වුණා. එහි දෙවන අදියර ආරම්භ වන්නේ හෙටයි. මීට සමගාමීව බස්නාහිර පළාතේ ද 5 / 11 හා 13 ශ්‍රේණිවල පංති හෙට සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
පාසල් ආරම්භය සඳහා පංති විෂබිජහරණයට ලක් කිරීම ඇතුලු සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය දැකගත හැකි වූ බවයි අප වර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින දහම්පාසල්වල අවසන් විභාග සාර්ථක ලෙස ඊයේ හා අද පැවැත්වීමට හැකි වූ බව විභාග කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා. 2019 වසර සඳහා වන දහම් පාසල් අවසන් විභාගයයි මෙලෙස පැවැත්වුණේ. කෝවිඩ් වසංගතය හේතුවෙන් මෙම විභාග පැවැත්වීම කල් ගියා.