ශ්රී ලංකාවේ ජාතික ධජය මෝස්තරයක් ලෙස යොදා ගනිමින් නිෂ්පාදනය කළ පා පිස්නාව සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට තබා තිබීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවි කිහිපයක මෙම භාණ්ඩ දැකගත හැකි අතර ලොව ප්රමුඛතම අන්තර්ජාල භාණ්ඩ අලෙවි ජාලයක් වන ඇමසන් වෙබ් අඩවිය හරහා ද මෙලෙස භාණ්ඩ අලෙවිය යුත් තබා තිබීම දැකගත හැකියි.
ශ්රී ලංකා ජාතික කොඩිය කිසිදු සංස්කරණයක් නොකර එලෙසින්ම මෝස්තරයක් ලෙස යොදා ගනිමින් මෙම භාණ්ඩ නිෂ්පාදනය කර තිබෙනු දක්නට ලැබෙයි.
ඇමසන් වෙබ් අඩවියේ අලෙවි සදහා තබා තිබෙන ශ්රී ලංකා ධජය සහිතව පා පිස්නාවක් මිල කර ඇත්තේ ඇමෙරිකා ඩොලර් 12 කටයි. (මෙරට මුදලින් රුපියල් 2,400කට ආසන්න මුදලක්)