fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල්ගොල්ල ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම බැහැර කිරීම බලන්න මහජනකායක්

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2021 12:39

පොල්ගොල්ල ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම බැහැර කිරීම බලන්න මහජනකායක්

පොල්ගොල්ල ජලාශයේ නඩත්තු කටයුතු සදහා එහි ජලය බැහැර කෙරුණා. පොල්ගොල්ල ජලාශයේ දොරටු විවෘත කිරීම ඊයේ රාත්‍රියේ සිදුවුණා. ජලාශයේ වාර්ෂිකව සිදුකරන පිරිසිදු කිරීමේ කටයුතු සදහා මෙසේ ජලය ඉවත් කිරීම සිදුවනවා. රොන් මඩ, ගස් ආදිය මෙහි සිරවී තිබීම හේතුවෙන් ජලාශයේ කටයුතුවලට බාධා මතුවුණා. පවත්නා තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඊයේ රාත්‍රියේ ජලය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කරන්නේ.

මේ අතර පොල්ගොල්ල ජලාශය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ප්‍ර දේශ රැසක ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. පාතදුම්බර, පූජාපිටිය, උකුවෙල යන  ජල පවිත්‍රාගාරවලට අයත් ප්‍ර දේශවලට ජල සැපයුම මෙසේ අත්හිටුවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

කුණ්ඩසාලේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලේවැල්ල, සිරිමල්වත්ත, අමුණුගම හා වලල යන ප්‍ර දේශවලටත් මහනුවර මහ නගර සභා බල ප්‍ර දේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හරින ප්‍ර දේශවලටත් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. උකුවෙල ජල පවිත්‍රාගාරය මගින් ආවරණය වන මානාබොඩ, මාරුකොන, ගුරුගැටේ, උල්පනපිටිය, රයිතලාව, බඩල්ගම්මැද්ද, උකුවෙල හා වත්තේගම යන ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගැණුනා. ඊයේ රාත්‍රී දොළහේ සිට අනිද්දා පෙරවරු දෙක දක්වා පැය පනහක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2021 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්