සිරගත කර සිටින පාර්මේන්තු මන්තී රංජන් රාමනායක මහත්මා බැලීමට පැමිණි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ගත් සෙල්ෆියක් නිසා බන්ධනාගාරය තුළදීම ඔහුට තවත් දඩුවමක් ලබා දී තිෙබනවා.
ඒ් අනුව ඒ් මහතාට සති 2 ක් යන තුරු අමුත්තන් හමුවීම තහනම් කර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මේ වන විට රදවා සිටින්නේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේයි. ඔහුගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකාරුණා මහතා පසුගියදා ගොස් තිබෙනවා. එම අවස්ථාවේ රන්ජන් රාමනායක සමග ගත් සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමට එක් කිරීමට හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ සේවය අත්හිටුවීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා. රන්ජන් රාමනායක මහතා අද දිනයේ අගුණුකොළපැලැස්ස විනය ශාලාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු තමා කළ වරද පිළිගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/74wKkiqbktU”]