මීටර් 230 ක් උස තට්ටු 68 ක් තියෙන ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළවෙනි අදියර හෙට විවෘත කෙරෙනවා. මේ ව්‍යාපෘතිය අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්රයේ අලුත් අත්දැකීමක් වගේම අලුත් නිර්මාණයක්.
කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට විවෘත කෙරෙන්නේ මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්. නේවාසික හා වානිජ වෙළද සංකීර්ණයක් වන මෙම ගොඩනැගිල්ල මෙරට ව්‍යාපෘතියක් සදහා ආයෝජකයකු සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවූ ව්‍යපෘතියක් ද වනවා. ව්‍යාපෘතිය 2017 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණා. එහෙත් පසුගිය යහපාලන රජය සමයේ ව්‍යාපෘතිය අතහැර දමා තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් මෙහි කටයුතු යළි ආරම්භ කෙරුණා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මූලිකත්වයෙනුයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.