මෙරටින් හමුවු සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අසූහයදහස් තුන්සිය හතලිස් තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේදී 29 ක් දක්වා පහත වැටී තිබීම විශේෂත්වයක්.
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 304 දෙනෙකු හදුනා ගැනුණා. ඒ අතරින් පුද්ගලයින් 16 දෙනෙකු විදේශගතව සිට එම රටට පැමිණි දේශීය පුද්ගලයින්. ඉතිරි 288 දෙනා දේශීයව හදුනාගත් ආසාදිතයින් ලෙසයි වාර්තාවන්නේ.
ඊයේ දිනයේ දී හදුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 නෙකු හදුනා ගැනුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයින්ගේ අඩුවක් මේ වනවිට දකින්නට ලැබෙනවා. ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 29 ක්.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86343ක්.3079 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව82753ක්.
ඊයේ දිනයේ දී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් 4 දෙනෙකු මිය යාමත් සමග මෙරට කොරෝනා ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 511 ක් දක්වා ඉහළ ගියා.