හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා.
2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන් බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ විත්තිකාරිය හෝ ඇයගේ ඇපකරුවන් හෝ නීතිඥවරයෙකු හෝ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරුණේ. නඩුව ජූනි මස 17 වනදා කැදවීමටද නියම කළා.
අමිල ප්‍රියංකර අමරසිංහ නැමති තරුණයා පැහැර ගෙන ගොස් පහර දී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ ආධාර කරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණේ පසුගිය යහපාලන රජය සමයේයි. 2017 වසරේ දී ආධාරකරුවන් අට දෙනා අධිකරණය හමුවේ වරද පිලිගත්තා. ඒ අනුව ඔවුන්ට වසර දොළහකට අත්හිටවූ වසර දෙක බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඩුවම් සහ දඩ නියම කෙරුණා.
එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනාවලට වරද පිළි නොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙනවා.