ඕසොන් වියන රැක ගැනීම සදහා වන හරිත තාක්ෂණය හදුන්වා දීමේ වැඩසටහනක් පරිසර අමාත්‍යංශය මගින් හදුන්වා දී තිබෙනවා. ඒ පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ හා ඕසොන් වියන සුරැකීමේ ඒකකය මගින්.
මේ යටතේ දිවයිනේ තාක්ෂණික විද්‍යාල සදහා වායු සමීකරණ හා ශීතකරණ පාඨමාලා හදාරන සිසුන් වෙනුවෙන් සී එෆ් සී වලින් තොර නව උපකරණ කට්ටල නොමිලේ ලබාදීම සිදු කෙරෙනවා.
මරදාන කාර්මික විද්‍යාලයට එම උපකරණ කට්ටල ලබාදීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඉදිරි වසර දෙක තුළ රුපියල් මිලියන දෙසීයක සී එෆ් සී වලින් තොර නව උපකරණ කට්ටල තාක්ෂණික හා කාර්මික විද්‍යාල වෙත ලබාදීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/d4inDH7ZlcE”]