චීනයෙන් කොරෝනා ආසාදිතයන් අට දෙනෙක් අලුතින් වාර්තා වී තිබෙනවා.
මෙම සියලු ආසාදිතයන් චීනයේ ප්‍රධාන දිවයින් කලාපයෙන් හමුවීම විශේෂත්වයක්. සිජුවාන් හා ග්වැංඩොන් ප්‍රාන්තවලින් මෙලෙස ආසාදිතයන් හදුනා ගැනුණා. මේ වන විට එරටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අනු දහස ඉක්මවනවා. කෙසේ වෙතත් ඊයේ දිනය තුලද කිසිදු මරණයක් වාර්තා වී නැහැ. අලුතින් හදුනා ගැණුනු ආසාදිතයන් අට දෙනාම විදෙස්ගතව සිට චීනයට පැමිණි අය බවයි වාර්තා වන්නේ.