කොරෝනා හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මේ වන විටත් ඉතාලියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ එකසිය තුනක් වනවා. ඒ අනුව කොරෝනා මරණ ලක්ෂය ඉක්මවූ හත්වන රට බවට ඉතාලිය පත් වුණා. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව තිස්ලක්ෂ අසූඑක්දහස් තුන්සිය හැට අටක්. මේ අතර ඇමෙරිකාවේ කෝවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවද මිලියන විසිනවය ඉක්මවා තිබෙනවා. එරට මරණ සංඛ්‍යාව පන්ලක්ෂ විසිපන්දහසකට අධිකයි. කෙසේ වෙතත් සෑම රටක්ම එන්නත්කරණය සදහා වැඩි අවදානයක් යොමුකිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පහළ යමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.