විදේශ විනිමය උපයාගත හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.
විදේශ සම්පත් දෙපාර්තෙම්න්තුවේ ප්‍රධානීන් සමඟයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා තවදුරටත් උපදෙස් දුන්නේ විදේශ ණය ලබා ගැනීමේදී එම ණය පියවීම පිළිබඳ සළකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කරන ලෙසයි. එම ව්‍යාපෘති ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. සාගර සම්පත් විශ්වවිද්‍යාලය සඳහා වන ව්‍යාපෘතිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. එම ව්‍යාපෘතිය ඊට යාබද ප්‍රදේශයේ සංවර්ධනයද ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නංවාලන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේ. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.