වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හමුවූ හිස කදින් වෙන් කළ කාන්තා සිරුර කුරුවිට තරුණියගේම බවට ඩී එන් ඒ පරික්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබියදී හිස කදින් වෙන්කර තිබූ කාන්තා සිරුර සොයා ගනු ලැබුවේ පසුගිය පළවෙනිදායි. සිරුරේ හිස නොමැතිවීම හේතුවෙන් මියගොස් ඇත්තේ කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ තරුණියමද යන්න පිළිබද විද්‍යානුකූල හදුනා ගැනීමක් සදහා ඩී එන් එන් පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කෙරුණා.
ඒ අනුවයි ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කිරිමට තීරණය කෙරුණේ. ඝාතනයට ලක්වූ 30 හැවිරිදි තරුණියගේ ඩී එන් ඒ සාම්පල සමග ඇයගේ මවගේ සහ සොහොයුරාගේ ඩී එන් ඒ සාම්පල සැසදෙන බැවින් මියගොස් ඇත්තේ අදාළ තරුණියම බවට තහවුරු වී තිබෙනවා. පනස් දෙහැවිරිදි විවාහක උප පොලිස් පරික්ෂකවරයෙකු සමග පැවති අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඔහු ඇතින් ඇය ඝාතනයට ලක්ව තිබුණා. අදාළ උප පොලිස් පරික්ෂකවරයා ද සිය බිරිද වෙත ලිපියක් ලියා තබමින් සිය දිවි හානිකරගෙන තිබුණා. තරුණියගේ හිස කොටස මෙතෙක් සොයා ගැනීමට හැකිව නැහැ. කෙසේ වෙතත් හිස නැති සිරුර අදාළ තරුණියගේම බවට ඩී එන් ඒ සාම්පල මගින් තහවුරු වීමත් සමග දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.